මුහුදේ රළ පහරකට හසුවී ගසා ගෙන යමින් සිටි විදෙස් ජාතිකයෙක් බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.
වෙන්නප්පුව – කම්මල මුහුදු තීරයේ දී රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි ජර්මානු ජාතිකයෙක් ඊයේ (09) පස්වරුවේ බේරාගෙන මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටි එම විදෙස් ජාතිකයා අද (10) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
වයස අවුරුදු 71ක් වන මෙම ජර්මානු ජාතිකයා ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ විවාහ වී මීගමුව – කුඩාපඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
මොහු ඊයේ (09) දින ශ්‍රී ලාංකික බිරිඳ ද සමඟ වෙන්නප්පුව – කම්මල ප්‍රදේශයට පැමිණ මුහුදු වෙරළේ නාමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මුහුදු රළට හසුව ගසා ගෙන යමින් සිටි මෙම ජර්මන් ජාතිකයාව එම ස්ථානයේ සිටි පිරිසක් විසින් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගැන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.





