මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 8000ක්.
- සරසවි සිසුන්ට නෙවසිකාගාර පහසුකම් සැපයීමට අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි ලබාගැනීම කරෙහි අවදානය යොමුකරනවා.
- අඩු ආදායම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මසකට රුපියල් පන්දහසක දීමනාවක්.
- මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා. ඒ අනුව මහපොළ දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
- සරසවි සිසුන්ගේ පොදු පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ප්‍රතිපාදන.
- අඩු අදායම් ලාභී අබාධිත දරුවන් සඳහා මාසයකට රුපියල් 5000ක දීමනාවක්.
- වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක් වෙන්කරනවා.
- ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
- රජයේ සේවය සඳහා 3% ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට කටයටුතු කරනවා.
- ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක් වෙන්කරනවා.
- මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1




