පහර කෑමෙන් රෝහලේ සිටි සැමියාගේ ත්‍රීරෝද රථය හොරෙන් විකුණූ බිරිය මාට්ටු

සැමියාට පිහියෙන් ඇන රෝහලේ ඉන්න අතරේ හොරට අත්සන ගසා ත්‍රීරෝද රථයක් විකිණී කතක් අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව, ගෝනදූව ප්‍රදේශයේ පදිංචි පදිංචි 48 වියැති කාන්තාවක්.

තමා බිරිදගේ පිහි පහරකා රෝහල් ගතව සිටී කාලසීමාවේ නිවසේ තිබූ ත්‍රිරෝද රථය කිසියම් පුද්ගලයකු සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබු බවයි පොලිසිය පවසනේ.

ඒ අනුව සොයාබැලීමේදී බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක ත්‍රිරෝද රථය ගාල්කර තිබියදී සොයාගෙන කල විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ පැමිණිලිකරුගේ බිරිද හොර අත්සනක් යොදා ත්‍රිරෝද රථය විකුණා ඇති බවයි.

සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?