වායු තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්වූ පුවතක් ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (26) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 57 ක ඉහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳගේ පියා අතර ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ පියා විසින් වායු තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඝතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගලෙන්බිදුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.















