තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.
තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වන විට 93 වන වියේ පසුවුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බැංකොක්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ඊයේ (24) රාත්‍රියේ අභාවප්ප්‍රාප්ත වූ බවයි.
ඇය 2019 වසරේ සිට රෝගාතුරව සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
සිරිකිත් රැජිණ, 2016 වසරේ දී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳයි.
සිය මවගේ අභාවයත් සමඟ රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙස වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
සිරිකිත් රැජිනගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් මාළිගාවේ ඩුසිත් තෝර්න් ශාලාවේ තැන්පත් කරනු ඇති අතර, තායි රාජකීය පවුලේ සාමාජිකයින් ද වසරක ශෝක කාලයක් පවත්වනු ඇති.














