තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වන විට 93 වන වියේ පසුවුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බැංකොක්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ඊයේ (24) රාත්‍රියේ අභාවප්ප්‍රාප්ත වූ බවයි.

ඇය 2019 වසරේ සිට රෝගාතුරව සිට ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

සිරිකිත් රැජිණ, 2016 වසරේ දී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳයි.

සිය මවගේ අභාවයත් සමඟ රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙස වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

සිරිකිත් රැජිනගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් මාළිගාවේ ඩුසිත් තෝර්න් ශාලාවේ තැන්පත් කරනු ඇති අතර, තායි රාජකීය පවුලේ සාමාජිකයින් ද වසරක ශෝක කාලයක් පවත්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55