වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර විසින් ඔහුට ජීවිත තර්ජන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙසටත් ඉල්ලා පොලිස්පතිතුමා වෙත යොමු කරනු ලැබූ ලිපිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර විසින් ඔහුට ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිතුමා වෙත පසුගිය 09 වන මස 06 වන දින ලිපියක් යොමු කර ඇති අතර එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පොලිස්පතිතුමා විසින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත එම ලිපිය 09 වන මස 12 වන දින යොමු කර ඇති බවට පොලිසිය විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වනවා.
ඒ අනුව දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉහත ලිපියට අදාලව මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති අතර ඔහු විසින් එම ලිපිය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට සහ මිදිගම ස්ථානාධිපතිවරයා වෙත යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.














Thugs should not be allowed into politics
ණරිහමක් පොරෝගත්තු අපරාධ කරුවන් දෙස්පාලනයෙන් ඉවත් කල යුතුයි,සමාජයේ විනාශය කල මහින්දයා තාමත් ජිවතුන් අතඅතරේය .