ලාංකීය යොවුන් ෆෝමියුලා ශුරයා, යෙවාන් ඩේවිඩ් මව්බිමට

යුරෝපයේ පැවති ” යුරෝ ෆෝමියුලා විවෘත ශූරතා තරගාවලියේ ” ( Euro Formula Open Championship ) අනුශූරතාවය සහ එම තරගාවලියේ ” රුකී ශූරතාවය ” (Rookie Championship ) දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ( Yevan David ) ඊයේ (23) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියා.

ලෝකයේ රටවල් 08 ධාවන පථ වල පැවති යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අවසාන තරගය ඉතාලියේ මොන්ෂා ( Monza ) ධාවන පථයේ පවත්වා තිබූ අතර , මෙම සමස්ථ තරගාවලියේ අනුශූරතාවය , එහිදී හිමි කර ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත් වුණා.

යෙවාන් ඩේවිඩ් උසස් පෙළ විභාගය සදහා අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින , තවමත් 18 හැවිරිදි වියේ පසුවන පාසැල් ශිෂ්‍යයෙක් වනවා.

යෙවාන් ඩේවිඩ් ඊයේ (23) දින රාත්‍රී 10.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔහු පිළිගැනීම සදහා ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?