ලාංකීය යොවුන් ෆෝමියුලා ශුරයා, යෙවාන් ඩේවිඩ් මව්බිමට

යුරෝපයේ පැවති ” යුරෝ ෆෝමියුලා විවෘත ශූරතා තරගාවලියේ ” ( Euro Formula Open Championship ) අනුශූරතාවය සහ එම තරගාවලියේ ” රුකී ශූරතාවය ” (Rookie Championship ) දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ( Yevan David ) ඊයේ (23) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියා.

ලෝකයේ රටවල් 08 ධාවන පථ වල පැවති යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අවසාන තරගය ඉතාලියේ මොන්ෂා ( Monza ) ධාවන පථයේ පවත්වා තිබූ අතර , මෙම සමස්ථ තරගාවලියේ අනුශූරතාවය , එහිදී හිමි කර ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත් වුණා.

යෙවාන් ඩේවිඩ් උසස් පෙළ විභාගය සදහා අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින , තවමත් 18 හැවිරිදි වියේ පසුවන පාසැල් ශිෂ්‍යයෙක් වනවා.

යෙවාන් ඩේවිඩ් ඊයේ (23) දින රාත්‍රී 10.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔහු පිළිගැනීම සදහා ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55