පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇඳ හැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය සමඟින් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වී තිබෙනවා.
ඒ අනුව ඇති වූ ගංවතුර තත්වය හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ 473 දෙනෙක් පීඩාවට පාත් වී ඇති අතර අර්ධ නිවාස හානි 111ක් වාර්තා වූ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේද පුද්ගලයන් 117 දෙනෙක් මෙම තවත්ත්වය හමුවේ පීඩාවට ලක් වී ඇති බවත් ගාල්ල, බදුල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලද සමස්ත වශයෙන් පුද්ගලයන් 730 දෙනෙක් ද ගංවතුරට හසුවීමෙන් පිඩාවට ලක් වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නායයෑම් පිළිබද නිකුත් කළ නිවේදනය පිලිබද සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවධානයෙන් කටයුතු කරන ලෙසට ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඇති වන හදිසි ආපදා තත්ත්වයක් පිළිබද දැනුම් දීමට 117 යන දුරකථන අංකය පැය 24 පුරාවටම ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා.




