තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (20) පෙරවරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායු ගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇති බවයි.
ඒ, අනුව එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර, තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
2
+1
4
+1
2
+1















