කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) පෙරවරුවේ නිකුත් කළ අවවාදාත්මක නිවේදනය හෙට (20) පෙරවරු 8.30 දක්වා වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1





