පවතින වැසි හේතුවෙන් දැදුරුඔය, රාජාංගණය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ, අනුව අද (18) අලුයම වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්ත්පරයට ජලය ඝන අඩි 2800ක් දැදුරුඔයට මුදාහැරෙන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම රාජංගණය ජලාශයේ ද වාන් දොරටු 04ක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
එහි වාන් දොරටු 02ක් අඩි 02 බැගින් සහ අනෙක් වාන් දොරටු 02 අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.
විවෘත කර ඇති මෙම වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 3010ක් කලාඔයට මුදා හැරෙනවා.
මේ අතර අංගමුව ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 02ක්ද අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා.
විවෘත කර ඇති එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 2384ක් මුදා හැරෙන බව ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
විවෘත කර එම ඇති ජල දොරටු වලින් මුදා හැරෙන ජලය කලාඔයට සහ දැදුරුඔයට එකතු වන බැවින් අවට පදිංචිකරුවන් ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.





