දැදුරුඔය, රාජාංගණය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

පවතින වැසි හේතුවෙන් දැදුරුඔය, රාජාංගණය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ, අනුව අද (18) අලුයම වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්ත්පරයට ජලය ඝන අඩි 2800ක් දැදුරුඔයට මුදාහැරෙන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම රාජංගණය ජලාශයේ ද වාන් දොරටු 04ක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි වාන් දොරටු 02ක් අඩි 02 බැගින් සහ අනෙක් වාන් දොරටු 02 අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.

විවෘත කර ඇති මෙම වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 3010ක් කලාඔයට මුදා හැරෙනවා.

මේ අතර අංගමුව ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 02ක්ද අඩි 04 බැගින් විවෘත කර තිබෙනවා.

විවෘත කර ඇති එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 2384ක් මුදා හැරෙන බව ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

විවෘත කර එම ඇති ජල දොරටු වලින් මුදා හැරෙන ජලය කලාඔයට සහ දැදුරුඔයට එකතු වන බැවින් අවට පදිංචිකරුවන් ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32