ශ්‍රී ලංකා රේගුව දිනක් තුළ ලබාගත් වැඩිම ආදායම පෙරේදා දිනයේ

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මේ දක්වා එක් දිනක් තුළ දී ලබා ගත් ඉහළම රේගු බදු ආදායම වාර්තා කිරීමට පෙරේදා (15) දිනයේ දී හැකි වී තිබෙනවා.

ඒ අනුව පෙරේදා දිනයේදී රුපියල් මිලියන 24, 918 (විසිහතර දහස් නවසිය දහඅට) ක අදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වූ බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා පවසනවා.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රේගුවේ දෛනික ආදායම බිලියන 07 – 10ත් අතර අගයක පැවති බවත් එය පෙරේදා දිනයේ බිලියන 24 ක් දක්වා වැඩි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

වාහන ආනයනය ඉහළ යාම නිසාවෙන් මෙලෙස සීඝ්‍ර ලෙස අදායම වර්ධනය වූ බව ඔහු සඳහන් කළා.

මෙම වසරේ ආදායම් ඉලක්කය වන රුපියක් ට්‍රිලියන 2,115 වන අතර එම ඉලක්කගත අදායමට ළගාවීම පහසුවෙන් සිදුකර ගත හැකි බව ද රේගු අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම වරාය ඇතුළත තද බදයක් ඈති වීමට කිසිඳු හෝ ඉඩකඩක් නොමැති බව ද ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?