ශ්‍රී ලංකා රේගුව දිනක් තුළ ලබාගත් වැඩිම ආදායම පෙරේදා දිනයේ

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මේ දක්වා එක් දිනක් තුළ දී ලබා ගත් ඉහළම රේගු බදු ආදායම වාර්තා කිරීමට පෙරේදා (15) දිනයේ දී හැකි වී තිබෙනවා.

ඒ අනුව පෙරේදා දිනයේදී රුපියල් මිලියන 24, 918 (විසිහතර දහස් නවසිය දහඅට) ක අදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වූ බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා පවසනවා.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රේගුවේ දෛනික ආදායම බිලියන 07 – 10ත් අතර අගයක පැවති බවත් එය පෙරේදා දිනයේ බිලියන 24 ක් දක්වා වැඩි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

වාහන ආනයනය ඉහළ යාම නිසාවෙන් මෙලෙස සීඝ්‍ර ලෙස අදායම වර්ධනය වූ බව ඔහු සඳහන් කළා.

මෙම වසරේ ආදායම් ඉලක්කය වන රුපියක් ට්‍රිලියන 2,115 වන අතර එම ඉලක්කගත අදායමට ළගාවීම පහසුවෙන් සිදුකර ගත හැකි බව ද රේගු අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම වරාය ඇතුළත තද බදයක් ඈති වීමට කිසිඳු හෝ ඉඩකඩක් නොමැති බව ද ඔහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37