මිද්දෙණියේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි

වීරකැටිය පොලිස් වසමේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත පසුගිය ජුනි මස 25 වනදා මිද්දෙණිය පොලිස් වසමේ දී ගිනි අවියකින් වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට අධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 32ක වන මැදමුළුන, වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේ දී මොහු වීරකැටිය, හුංගම සහ හක්මණ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ රාත්‍රී කාලයේ ගෙවල් බිදුම් සිදුකර මුදල් හා රන් භාණ්ඩ සොරකරම් කිරීම්, යතුරුපැදි සොරකම් අතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද රන් භාණ්ඩ, මුදල් රුපියල් දාහත් ලක්ෂ පනස්දහයික්, වෑන් රථයක්, පාපැදියක්, පතරොම් 15 ක් අතුළු දේපළ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?