මිද්දෙණියේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි

වීරකැටිය පොලිස් වසමේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත පසුගිය ජුනි මස 25 වනදා මිද්දෙණිය පොලිස් වසමේ දී ගිනි අවියකින් වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට අධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 32ක වන මැදමුළුන, වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේ දී මොහු වීරකැටිය, හුංගම සහ හක්මණ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ රාත්‍රී කාලයේ ගෙවල් බිදුම් සිදුකර මුදල් හා රන් භාණ්ඩ සොරකරම් කිරීම්, යතුරුපැදි සොරකම් අතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද රන් භාණ්ඩ, මුදල් රුපියල් දාහත් ලක්ෂ පනස්දහයික්, වෑන් රථයක්, පාපැදියක්, පතරොම් 15 ක් අතුළු දේපළ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56