නෝර්වුඩ් ප්‍රදේශයේ සෙන්ජෝන් ටිලරි වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් කාන්තාවන් දොළොස් දෙනෙක්ට තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජෝන් ටිලරි වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දොළොස් දෙනෙකුට අද (16) උදෑසන දහයට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
තේ දළු නෙලෙමින් සිටි කාන්තාවන් පිරිසකට මෙලෙස බඹරුන් දෂ්ට කර ඇති අතර, ඉන් නව දෙනෙක් එම මොහොතේදීම සෙන්ජෝන් ටිලරි වතුයායේ ගිලන් රථය මඟින් දික්ඔය මුලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තාවන්නේ.
බඹර ප්‍රහාරයට ලක්වූ එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බැවින් ඇය හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තවත් භය දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, දෙදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
සිද්ධිය සිදු වී ඇත්තේ අද උදෑසන තේ දළු නෙළීමට යාමේදී තේ ගස් යට බැඳ තිබූ බඹරු කූඩුවක් ඇවිස්සීමෙන්.




