තේ නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

නෝර්වුඩ් ප්‍රදේශයේ සෙන්ජෝන් ටිලරි වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් කාන්තාවන් දොළොස් දෙනෙක්ට තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජෝන් ටිලරි වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දොළොස් දෙනෙකුට අද (16) උදෑසන දහයට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තේ දළු නෙලෙමින් සිටි කාන්තාවන් පිරිසකට මෙලෙස බඹරුන් දෂ්ට කර ඇති අතර, ඉන් නව දෙනෙක් එම මොහොතේදීම සෙන්ජෝන් ටිලරි වතුයායේ ගිලන් රථය මඟින් දික්ඔය මුලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තාවන්නේ.

බඹර ප්‍රහාරයට ලක්වූ එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බැවින් ඇය හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තවත් භය දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, දෙදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

සිද්ධිය සිදු වී ඇත්තේ අද උදෑසන තේ දළු නෙළීමට යාමේදී තේ ගස් යට බැඳ තිබූ බඹරු කූඩුවක් ඇවිස්සීමෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44