හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මහ මොරකන්ද ප්‍රදේශයේ 134/3 කිලෝමීටර් කණුව අසල මාර්ගයේ ගමන් කළ වන අලි පැටවෙක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
මීට දින දෙකකට පමණ ඉහතදීම අලි පැටවා මියගොස් ඇති බවටයි අලි පැටවා එම ප්‍රදේශ වාසින් පෙන්වා දෙන්නේ.
මෙම මාර්ගයේ විශාල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබෙන අතර වන අලි නිතර මාරුවන ප්‍රදේශයක් බවත් එය තැකීමට නොගන්නා රියදුරන් අධික වේගයෙන් මාර්ගයේ ගමන් කරන බවත් එම ගමන් කිරීමේදී මෙම වල අලි පැටවා කුමන හෝ රථයක ගැටී පාර අසලම මියගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.
මියගිය වනාලියා සම්බන්ධව කවුඩුල්ල වනජීවී නිලධාරීන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ එසේ වන අලි පැටවෙක් මියගොස් ඇති බවට ඔවුන්ට ද වාර්තා වෙන බවත් කුමන ආකාරයෙන් මෙම සත්වයා මියගියාද යන්න බව තවමත් සනාථ කළ නොහැකි අතර පච්චාත් මරණ පරීක්ෂණයේන් පසුව මියයෑමට හේතුව සනාථ කළ හැකි බවයි ඔවුන් සඳහන් කළේ.
මෙම අලි පැටවා වයස අවුරුදු තුනක් පමණ බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධව කවුළුඩුල්ල ජාතික වනෝද්‍යාන නිලධාරීන් පරීක්‍ෂණ පවත්වනවා.




