මාර්ගයේ ගමන් කළ අලි පැටියෙක් අභිරහස් ලෙස මියයයි

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මහ මොරකන්ද ප්‍රදේශයේ 134/3 කිලෝමීටර් කණුව අසල මාර්ගයේ ගමන් කළ වන අලි පැටවෙක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

මීට දින දෙකකට පමණ ඉහතදීම අලි පැටවා මියගොස් ඇති බවටයි අලි පැටවා එම ප්‍රදේශ වාසින් පෙන්වා දෙන්නේ.

මෙම මාර්ගයේ විශාල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර තිබෙන අතර වන අලි නිතර මාරුවන ප්‍රදේශයක් බවත් එය තැකීමට නොගන්නා රියදුරන් අධික වේගයෙන් මාර්ගයේ ගමන් කරන බවත් එම ගමන් කිරීමේදී මෙම වල අලි පැටවා කුමන හෝ රථයක ගැටී පාර අසලම මියගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.

මියගිය වනාලියා සම්බන්ධව කවුඩුල්ල වනජීවී නිලධාරීන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ එසේ වන අලි පැටවෙක් මියගොස් ඇති බවට ඔවුන්ට ද වාර්තා වෙන බවත් කුමන ආකාරයෙන් මෙම සත්වයා මියගියාද යන්න බව තවමත් සනාථ කළ නොහැකි අතර පච්චාත් මරණ පරීක්ෂණයේන් පසුව මියයෑමට හේතුව සනාථ කළ හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම අලි පැටවා වයස අවුරුදු තුනක් පමණ බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධව කවුළුඩුල්ල ජාතික වනෝද්‍යාන නිලධාරීන් පරීක්‍ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51