හිටපු යුද හමුදා බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීම වැළක්වීමේ පෙත්සමට විරෝධතා

පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ කේ.එස්. මද්දුමගේ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ විරෝධතා ගොනු කර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂී හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ වග උත්තරකරුවන්ගේ විරෝධතා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 21 වැනි දා කැඳවන ලෙස නියෝග කෙරුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වර්තමානයේ සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බවයි.

ඒ අනුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව අනීතික ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12