පසුගිය කන්නයනට සාපේක්ෂව මෙවර කන්නයේදී ලබාගත් අස්වැන්න වැඩි වූ බවත්, පසුගිය කන්නයේ දී ලබාගත් වී තොග සහ මෙම කන්නයේදී ලබාගත් වී තොග තවම පවතින නිසා කීරි සම්බා ඇතුළු සහල් හිඟයක් ඇති වීමට හැකියාවක් නොමැති බවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
”කීරි සම්බා පසුගිය දවස්වල අපි දකිනවා පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් කරනකොට හංගපුවා අහුවෙනවා, ඒම නම් මෙත හදල තියෙන්නේ විකෘතියක්, එහෙමනම් මේකට යන්න දෙන්න බෑ ,කීරි සම්භා සඳහා හාල් කිලෝවක මිල තීනවා රුපියල් 260යි, ඉන් එහා විකුණන්න බෑ, එතකොට මේ විදියට යන එක වැළක්වීම සඳහා රජය විදියට පාරිභෝගික අධිකාරිය සම්බන්ධ කරගෙන මේ වන විට ක්‍රියාදාමයක් ආරම්භකර තිබෙනවා, වැටලීම් දිගටම කරගෙන යනවා,
ඒ නිසා කරුණාකරලා හාල් හංගන්න ලෑස්ති වෙන්න එපා, අමාරුවේ වැටෙන්න එපා කියන කාරණය, ඒ වැරැද්ද කරන අයට අපි මේ වෙලාවේ අවධාරණය කරනවා.”





