එළබෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාව රුපියල් 3, 668,000ක ආදායමක් උපයා ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න පවසනවා.
හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසළ ව්‍යාපාර කටයුතු කිරිම සදහා ඉඩම් කැබලි වෙන් කර ඒ සදහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳවූ බවත්, එසේ කැදවූ ටෙන්ඩර් පත් අද (03) දින නගර සභාවේ ලේකම් සහ මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණය යටතේ විවෘත කල බවත්, එහිදි මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බවත් සභාපතිවරයා කියා සිටියා.
එළබෙන දීපාවලී උත්සව සමයේ පදික වේදිකාවේ වෙළදාම් කිරිමට අවසර ලබා නොදෙන බවත්, නගර සභාව විසින් වෙන් කර ඇති කොටසේ පමණක් ව්‍යාපාර කටයුතු සිදුකළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට ඉඩම් ලබා ගත් අයගෙන් ටෙන්ඩර් මුදලට අමතරව කැලි කසල බද්ද සහ ව්‍යාපාරික බද්දක් අය කර ඇති අතර, නගර සභාව විසින් ලබා දෙන නිර්ණායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කල යුතු වනවා.





