සූර්යකුමාර්ගේ විෂබීජය ඉන්දීය කාන්තා කණ්ඩායමටත් බෝවෙන ලකුණු

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තරගය අනිද්දා (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අනිද්දා පැවැත්වෙන මෙම තරගට සහභාගී වීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (02) දිවයිනට පැමිණියා.

දෙරට අතර පවතින දේශපාලන ආතතීන් මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගයේ දී පාකිස්ථාන ක්‍රීඩිකාවන්ට අතට අත නොදීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ක්‍රීඩිකාවන්ට සහ සහාය කාර්ය මණ්ඩලයට මෙම උපදෙස ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මහත්මාවරුන්ගේ ජීවගුණයට හානි කරන මෙම ක්‍රියාව, නිමා වූ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය අතර තුර ආරම්භ වුණේ ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ දී පාකිස්ථාන නායකයාට අතට අතදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඒ අනුව මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද මෙම නුසුදුසු ක්‍රියාව ක්‍රිකට් පිටියට ගෙන ඒමට ඉන්දියාව යළිත් කටයුතු කර තිබීම බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

  1. මහත්වරුන්ගේ ක්‍රීඩාවට නිගරු කිරීම මහත්වරුන්ගේ ගතිය නොවේ.මහත්වරුන්ගේ ක්‍රීඩාවට නිගරු කිරීමේ දුර්විපාක
    1. ක්‍රිකට් ක්‍රිඩාවේ ආචාර ධර්ම පිරිහීම හා උපහාසාත්මක ක්‍රියා
    2. දේශපාලනික අත පෙවීම් හා ක්‍රිඩාවට පාවිච්චි වීම
    3. ප්‍රේක්ෂක උද්දාමය පලුදු වීම
    4. අනගත ක්‍රීඩාවට බලපෑම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14