සූර්යකුමාර්ගේ විෂබීජය ඉන්දීය කාන්තා කණ්ඩායමටත් බෝවෙන ලකුණු

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තරගය අනිද්දා (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අනිද්දා පැවැත්වෙන මෙම තරගට සහභාගී වීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (02) දිවයිනට පැමිණියා.

දෙරට අතර පවතින දේශපාලන ආතතීන් මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගයේ දී පාකිස්ථාන ක්‍රීඩිකාවන්ට අතට අත නොදීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ක්‍රීඩිකාවන්ට සහ සහාය කාර්ය මණ්ඩලයට මෙම උපදෙස ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මහත්මාවරුන්ගේ ජීවගුණයට හානි කරන මෙම ක්‍රියාව, නිමා වූ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය අතර තුර ආරම්භ වුණේ ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ දී පාකිස්ථාන නායකයාට අතට අතදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඒ අනුව මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද මෙම නුසුදුසු ක්‍රියාව ක්‍රිකට් පිටියට ගෙන ඒමට ඉන්දියාව යළිත් කටයුතු කර තිබීම බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
28
+1
1
+1
1
+1
6
+1
3
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?