ළමා දිනය දා සිසුන්ගේ හැසිරීමෙන් අනාවරණය වූ ගුලි ජාවාරම

මොනරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ලෝක ළමා දිනය වෙනුවෙන් පැවති වැඩසටහනක් සඳහා සහභාගි වූ මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයාට එහි දරුවන් පිරිසකගේ හැසිරීම් රටාවේ වෙනසක් දැක තිබෙනවා.

පසුව ස්ථානාධිපතිවරයා විසින් එම සිසුන්ගෙන් කළ විමසීමකදී අනාවරණය වී ඇත්තේ සිසුන් මදන මෝදක ගුලි ආහාරයට ගෙන ඇති බවයි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් සිසුන්ගෙන් අනාවරණයකර ගත් තොරතුරු මත අදාළ මදන මෝදක ගුලි විකිණීම සිදුකළ එම ප්‍රදේශයේ 49 හැවිරදි කාන්තාවක්, මදන මෝදක ගුලි 176ක් සමග මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?