ග්‍රෑන්ඩ්පාස් පොඩ්ඩිගේ කඩවල් හතරකට සීල් තියයි

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන වින්දණි ප්‍රියදර්ෂිකා සූරියආරච්චි නොහොත් ”පොඩ්ඩි” යන අයට අයත් වෙළදසැල් 04 ක් නීති විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්, 2011 අංක 40 දරණ පණතින් සංශෝධීත වූ 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පණතේ 07 (1) වගන්ති ප්‍රකාරව අද (01) සිට දින 07ක කාලයක් සදහා එම වෙළදසැල් වසා දමා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාරේ පිහිටි රෙදිපිලි වෙළදසැලක්, සිල්ලර බඩු වෙළදසැලක්, අවන්හලක් සහ බුලත් දුම්කොළ වෙළදසැලක් මෙලෙස එම නිලධාරීන් විසින් වසා දමා ඇති බවයි වාර්තාවන්නේ.

එම කාන්තාව විසින් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම තුලින් උපයාගන්නා ලද මුදලින් වත්කම් රැස් කර ඇති බවට 2021වර්ෂයේදී පොලිස් පතිතුමා විසින් යොමු කරන ලද පැමිණිල්ලට අදාළව නීති විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාසය මගින් විමර්ෂණ කටයුතු ආරම්භකර මූලික පියවරක් ලෙස ඉහත සදහන් වෙළසැල් වසා දමා ඇති බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?