පළාත් 03කට අද දිනයේ වැසි

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අද (30) දිනය තුළ වාසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (30) දිනට අදාළව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය බවට කාලගුණ නිවේදනයේ පැවැසෙනවා.

ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 35 – 45 පමණ වේගයකින් තරමක තද සුළං ඇති විය හැකි බවටද කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?