දුම්රියපොළක දී පාසල් දරුවෙක් දුම්රියේ ගැටී මරුට

රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේ දී දුම්රියක ගැටීමෙන් ඊයේ (27) දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම පිරිමි දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක දරුවෙක්.

මෙම දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් තිබෙනවා.

එහිදී දුම්රියෙන් බැසීමේදී මෙම දරුවා පමණක් දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැසීමේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
14
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?