සිය මාමණ්ඩිය පාතාලයට සම්බන්ධ යැයි අසත්‍ය ප්‍රකාශ නිවේදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක නඩු ගොනුකර තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් එම ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදල් ඉල්ලා කොලඹ දිසා අධිකරණයේ නඩු පැවරීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම එම ප්‍රකාශය පෙර වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරැදි කරන ලෙසද නඩුවේ සඳහන් බව පැවසෙනවා.
මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී අසත්‍ය ප්‍රකාශ නිකුත් කළායැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම නඩුව පවරා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
13
+1
+1
+1
+1
3





