කොළඹ නෙළුම් කුළුණ මගින් වසරක කාලයක් තුළ අත් කරගත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) එම පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී චමරු ද අල්විස්ගේ සභාගීත්වයෙන්.
වසරක් තුළ නෙළුම් කුළුණේ ලාභය රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ බවත් පිරිවැය අඩුකර ගනිමින් කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා එම ආයතනය කටයුතු කර ඇති බවත් ඔවුන් මාධ්‍ය වෙත පවසා සිටියා.
එමෙන්ම රුපියල් මිලියන 1000ක් දක්වා වසරක ලාභය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා
එම ආයතනය නෙළුම් කුළුණ භාර ගැනීමට ප්‍රථම දැවැන්ත අනතුරු ප්‍රමාණයක් සිදුව ඇති අතර, එම නිසා එහි ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගැනීමට ද ඔවුන් කටයුතු කර ඇති බවද එම හමුවේදී ඔවුන් පෙන්වා දුන්නා.





