ක්වින්ටන් ඩි කොක් යළි එක්දින පිටියට

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් එක්දින තරගවලින් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබෙනවා.

ඒ, අනුව ඔහු පාකිස්තානට සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු සංචිත සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන ඔහු 2021 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර, 2023 ලෝක කුසලානයෙන් පසු එක්දින තරගවලින් විශ්‍රාම යන බව නිවේදනය කළා.

කෙසේ වෙතත්, ඩි කොක් සම්පූර්ණ ජාත්‍යන්තර විශ්‍රාම යාමක් ප්‍රකාශ කර තිබුනේ නැහැ.

ඔහු අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ 2024 ජුනි මාසයේදී බාබඩෝස් හි පැවති T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීයි.

දකුණු අප්‍රිකාව සහ පාකිස්ථාන අතර එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර, දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සංචිතයට ද ක්වින්ටන් ඩි කොක් කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?