ක්වින්ටන් ඩි කොක් යළි එක්දින පිටියට

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් එක්දින තරගවලින් විශ්‍රාම ගැනීමේ තීරණය වෙනස් කර තිබෙනවා.

ඒ, අනුව ඔහු පාකිස්තානට සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු සංචිත සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන ඔහු 2021 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර, 2023 ලෝක කුසලානයෙන් පසු එක්දින තරගවලින් විශ්‍රාම යන බව නිවේදනය කළා.

කෙසේ වෙතත්, ඩි කොක් සම්පූර්ණ ජාත්‍යන්තර විශ්‍රාම යාමක් ප්‍රකාශ කර තිබුනේ නැහැ.

ඔහු අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ 2024 ජුනි මාසයේදී බාබඩෝස් හි පැවති T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීයි.

දකුණු අප්‍රිකාව සහ පාකිස්ථාන අතර එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර, දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සංචිතයට ද ක්වින්ටන් ඩි කොක් කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28