අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැටවූ තවත් ලොරියක් තංගල්ලෙන් අල්ලයි (වීඩියෝ)

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවා තිබූ තවත් ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී අද (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී පොලිස් නිලධාරින් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 200කට ආසන්න වන බවයි පොලිසිය පැවසුවේ.

මෙම ලොරි රථය තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අද (22) උදෑසන මළ සිරුරු දෙක සොයාගත් නිවසේ නවතා තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ මළ සිරුරු දෙක සොයාගත් නිවසේ නවතා තිබූ තවත් බට්ටා වර්ගයේ ලොරි රථයක පිටුපස තිබී කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය මීට පෙර සොයාගත්තා.

මේ අතර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් කොමඩු අතර සඟවා ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ල – කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ දී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.

එම මත්ද්‍රව්‍ය තොගය මේ වනවිට විදෙස් ගතව සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්තගේ බවටයි පොලිසිය පවසන්නේ.

අදාළ ලොරි රථයයේ තිබී නවීන රිවෝල්වර් පහක් සහ T-56 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
3
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?