මනම්පේරි සියල්ල වමාරයි – වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ කිහිපයකුත් සොයාගනී

සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

සැකකාර සම්පත් මනම්පේරිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිකළ තොරතුරු අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස විසින් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබී මෙම උණ්ඩ ඇතුළු ආයුධ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව රන්පැහැති ටී 56 මැගසින් දෙකක්, ටී 56 උණ්ඩ 115 ක්, විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා පසුගිය 03 වනිදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ මෙම උණ්ඩ ඇතුළු ආයුධ වළ දමා ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සම්පත් මනම්පේරි පසුගිය 17 වනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට භාර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
2
+1
1
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?