මනම්පේරි සියල්ල වමාරයි – වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ කිහිපයකුත් සොයාගනී

සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා.

සැකකාර සම්පත් මනම්පේරිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිකළ තොරතුරු අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස විසින් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබී මෙම උණ්ඩ ඇතුළු ආයුධ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව රන්පැහැති ටී 56 මැගසින් දෙකක්, ටී 56 උණ්ඩ 115 ක්, විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා පසුගිය 03 වනිදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ මෙම උණ්ඩ ඇතුළු ආයුධ වළ දමා ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සම්පත් මනම්පේරි පසුගිය 17 වනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට භාර දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22