කෝටි දෙකකට අධික ව්‍යාපෘතියක් අතරමග නවතී

රුපියල් කෝටි දෙක හමාරක් පමණ වියදමකින් ප්‍රතිසංස්කරණය කිරීමට ගිය මහවැලි ඇළක ප්‍රතිසංස්කරණ කටයුතු ගම්වැසියන් හා ඉඩම් හිමියන් දෙපිරිසක් අතර ඇතිව තිබෙන මතභේදකාරී තත්වයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට මහවැලි හුරුළු කලාපයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

කණ්ඩලම වැව සිට කැකිරාව මහ ඇලගමුව වැවව දක්වා වාරි ජලය ගෙන යනු ලබන ඇළ මාර්ගයේ මඩාටුගල, පල්ලේහිඟුර ප්‍රදේශයේ දී එම ඇළ මාර්ගයට සිදුව ඇති ආපදා තත්වයක් ප්‍රතිසංස්කරණ්‍ය කිරීමේ කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටවනු ලැබුවා .

මේ වන විටත් ඊට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති කොන්ත්‍රාත්කාර ආයතනය විසින් එහි මූලික අධීයරේ කටයුතු ද ආරම්භ කර තිබෙන බවයි වාර්තාවන්නේ.

මෙම ප්‍රතිසංස්කරණය කෙරෙන එම ඇළ මාර්ගයේ ඉදි කිරීම් කටයුතු මහවැලි අධීකාරීයේ හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා.

කණ්ඩලම වැවේ සිටි කැකිරාව මහ ඇලගමුව වැවව දක්වා වාරි ජලය ගෙන යාමට 1970 දශකයේ අග භාගයේ දී පමණ මෙම මහවැලි ඇල ඉදිකළ බව ගම්වාසීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?