2025 සා.පෙළ අයදුම්පත් කැඳවීම ඔක්තෝම්බර් 09 දක්වා

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 වන දින (ඊයේ ) ආරම්භ වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවනවා.

ඒ, අනුව අදාළ අයදුම්පත් කැඳවීම එළඹෙන ඔක්තෝම්බර් 09 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බවයි නිවේදනය කරන්නේ.

ඔක්තෝම්බර් 09 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අයදුම්පත් භාරගැනීම සිදුවන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ නොකරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළේ.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අදාළ උපදෙස් අනුව සිදුකළ යුතු බවයි දැනුම් දෙන්නේ.

11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?