බිරිඳව මරා පවුල් ආරවුල සදහටම අවසන් කළ සැමියා

මීරිගම, රේන්දපොළ ප්‍රදේශයේ සැමියෙක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳව ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (18) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇති වූ පවුල් අරවුලකින් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව 33 හැවිරිදි වියේ පසු වූ රේන්දපොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මීරිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර මෘත දේහය වතුපිටිවල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?