ජපානයේ ටෝකියෝහි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා තේරී පත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග විසින් එම ඉසව්වේ අවසන් තරගයේදී ස්ථානය දිනාගනු ලැබුවා.
සුදුසුකම් ලැබීමේ තරග වටයේදී මීටර් 82.80ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයට තේරී පත් වූ රුමේෂ් තරංග අවසන් තරග තරගයේ පළමු විසි කිරීමේදී මීටර් 84.38 ක් සටහන් කරමින් සිව්වන ස්ථානයේ පැමිණි අතර දෙවන විසි කිරීමේදී මීටර් 81.22 ක් සටහන් කළ ඔහුට 07 වන ස්ථානය තෙක් පසුබැසීමට සිදුවුණා.
ඔහුගේ තෙවන විසි කිරීම මීටර් 82.17 ක් සටහන් කල අතැර එම වටය අවසන් වද්දී රුමේෂ් තරංග 07 වන ස්ථානයේ රැඳී සිටියා.
රුමේෂ් තරංගගේ සිව්වන සහ පස්වන විසි කිරීම් අවලංගු වුවද ඔහු 07 ස්ථනයේ රැඳී සිටීමට සමත් වුණා.





