ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර විස්සයි විස්ස තරග 05කින් සහ එක්දින තරගයකින් සමන්විත තරගාවලියක් ලබන 20 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන් 15 දෙනෙකගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙන අතර බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර යන පළාත් නියෝජනය කරමින් මෙම සංචිතය සඳහා ක්‍රීඩිකාවන් නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම ඊයේ (16) දිනයේ තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් මෙරටට පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
+1
+1
+1





