අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 05ක කාලය තුළ දී සිය වත්මක් සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වන මස 22 වන දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.
එම නඩුව අද (17) දිනයේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර විමල් විරවංශ අධිකරණයේ පෙනී සිටි අතර, ඔහු වෙනුවෙන් මීට පෙර පෙනී සිටි නීතිඥවරයාගෙන් නඩුවට අදාළ ලේඛන පෙර දිනයේ ලබාගත් බවත් ඒවා අධ්‍යනය කිරීමට කාලයක් නොලැබුණු බවට පෙන්වා දෙමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ විසුරුවරිය නඩු විභාගය කල් තැබීමට මෙලෙස නියෝග කළා.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයේ පෙනීනොසිටින ලෙසත් නොතීසියක් ලැබුණු පසු පෙනී සිටින ලෙසත් මහාධිකරණ විනිසුරුවරිය අවවාද කර සිටියා.





