විමල්ගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර 05ක කාලය තුළ දී සිය වත්මක් සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වන මස 22 වන දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

එම නඩුව අද (17) දිනයේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර විමල් විරවංශ අධිකරණයේ පෙනී සිටි අතර, ඔහු වෙනුවෙන් මීට පෙර පෙනී සිටි නීතිඥවරයාගෙන් නඩුවට අදාළ ලේඛන පෙර දිනයේ ලබාගත් බවත් ඒවා අධ්‍යනය කිරීමට කාලයක් නොලැබුණු බවට පෙන්වා දෙමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ විසුරුවරිය නඩු විභාගය කල් තැබීමට මෙලෙස නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණයේ පෙනීනොසිටින ලෙසත් නොතීසියක් ලැබුණු පසු පෙනී සිටින ලෙසත් මහාධිකරණ විනිසුරුවරිය අවවාද කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32