සහල් මිලේ ගැසට්ටුව රිවස් කරන්නේ නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

මේ වනවිට වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසනවා.

අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් මිලට අනුව සහල් අලෙවි කිරීමට හැකිවන පරිදි වී මිල දී ගැනීම සිදුකරන ලෙසයි.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළඳසැල් වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සඳහන් කළ සභාපතිවරයා, ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් පැවසුවා.

එමෙන්ම සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කාර ඇති ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමක් හෝ සංශෝධනය කිරීමක් සිදුනොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ (14) මධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළේ වෙළඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟය හේතුවෙන්, සම්බා සහ කීරි සම්බා අලෙවි කිරීමට පනවා ඇති උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?