කරණ්දෙනියේ මවයි පුතයි මැරූ ඝාතකයා අල්ලයි

කරණ්දෙනිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේ දී වයෝවෘද කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටවිල ප්‍රදේශයේ දී ඊයේ (13) පස්වරුවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 44ක කොටවිල,කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 11 වනදා කරණ්දෙනිය, කැබැල්ලගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණා.

කරණ්දෙනිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?