කරණ්දෙනියේ මවයි පුතයි මැරූ ඝාතකයා අල්ලයි

කරණ්දෙනිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේ දී වයෝවෘද කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටවිල ප්‍රදේශයේ දී ඊයේ (13) පස්වරුවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත් බෝම්බයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 44ක කොටවිල,කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 11 වනදා කරණ්දෙනිය, කැබැල්ලගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණා.

කරණ්දෙනිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40