2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් ම තරගය ලෙස හැඳින්වෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට (14) පැවැත්වෙනවා.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන පසු දෙරට අතර ඇති වූ දේශපාලන ආතතීන් මධ්‍යයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගය මෙයයි.
මෙම තරගයට මේ වනවිට ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අප්‍රේල් 22 වන දින සිදු වූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස පහකටත් අඩු කාලයකට පසු පැවැත්වෙන මෙම තරගයට ඉන්දියාව ක්‍රීඩා කිරීම වහාම නවතා දමන ලෙසයි ඇතැම් විරෝධතාකරුවන් පවසන්නේ.
ප්‍රහාරයෙන් මියගිය තම අය වෙනුවෙන් පවුල් තවමත් ශෝකවන තත්ත්වයක, ජාත්‍යන්තර වේදිකාවක පාකිස්තානය ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීම වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත්තේ.
කොංග්‍රසය, ශිවසේනා සහ ආම් ආද්මි පක්ෂවල ප්‍රධානීන් සහ පාක්ෂිකයින්ගෙන් මෙම විරෝධතා බහුලව එල්ල වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
මේ අතර හෙට පවැත්වෙන මෙම තරගය සජීවීව විකාශනය කරන සමාජශාලා සහ අවන්හල් වර්ජනය කරන ලෙසයි එම පක්ෂවල නායකයින් පවසා ඇත්තේ.
සැප්තැම්බර් 09 වන දින ආරම්භ වූ 2025 ආසියානු කුසලාන තරඟාවලියට රටවල් අටක් සහභාගී වනවා.
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය හෙට (13) රාත්‍රී 8.00 ට ආරම්භ වන අතර, ක්‍රිකට් ලෝකයේ විශාලතම එදිරිවාදිකම් මතුවන තරගයක් ලෙසයි මෙම තරගය හඳුන්වන්නේ.
මෙම කණ්ඩායම් දෙකම සුපිරි හතර අදියර සඳහා සුදුකම් ලැබුවහොත් ඔවුන් යළිත් එකිනෙකා මුණගැසෙන අතර, කණ්ඩායම් දෙකම අවසන් මහා තරඟයට පිවිසීමට සමත් වුවහොත්, ඔවුන් තුන්වන වරටත් මෙවර ආසියානු කුසලානයේ දී මුණගැසෙනු ඇති.















