පොලීසියට අවශ්‍යව සිටි තිදෙනෙක් ප්‍රදේශ 03ක දී මාට්ටු

පසුගිය දින කිහිපයේදී සිදු වූ වෙඩි තැබීම්වලට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ (12) දිනයේ සමත් වී තිබෙනවා.

ගිය මස 07 වැනිදා බොරැල්ල, සහස්පුර සිරිසරඋයන ක්‍රිඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙක්ට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.71ක් හා යතුරුපැදියක් සමඟ ඊයේ (12) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු යුධ හමුදාවෙන් පලාගොස් ඇති වයස අවුරුදු 34 ක් වන දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී පසුගිය 24වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණ පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන කාලයේ දී පිලියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් ද සොයා ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 35 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මරදාන පොලිස් වසමේ කෝවිල්වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ, පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෙක්ගෙන් අනාවරණය වූ තොරතුරු මත කෙසෙල්වත්ත, ශාන්ත සෙබස්තියන් මාවතේ දී අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු වයස අවුරුදු 46 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට පත් වූවන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශනයන් සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08