ත්‍රීරෝද රථයේ අධික වේගය නිසා පෙර පාසල් ළමුන් 06ක් රෝහලේ

නෝර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේ අද (12) උදෑසන කාලයේදී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසා පෙර පාසල් ළමුන් 06 දෙනෙක් සහ ගුරුවරියක් තුවාල ලබා තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

නෝර්වුඩ් අයර් බී දමිළ මහා විද්‍යාලයේ පෙර පාසල් ළමුන් 06 දෙනෙක් සහ එම පෙර පාසලේ ඉගැන්විම් කටයුතු කරන ගුරුවරියක් මෙලෙස අනතුරට පත් වී ඇති බවයි පැවසෙන්නේ.

ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට සැකකරන බවයි නෝර්වුඩ් පොලිසිය පවසන්නේ
.
මෝටර් රථය පැදවූ කාන්තාව සැක පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සි පැපොල් ඇමතිතුමිය ගෙදර යවන්න හැමෝම එකතුවෙමු
14:44
Video thumbnail
පාසල්වලින් මුදල් එකතුකරන එක වහාම නවත්වන්න - ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්
10:58
Video thumbnail
නුසුදුසු වෙබ් අඩවියක් පළවීමේ වැරැද්ද රජය භාරගන්නවා..අපි පළා යන්නේ නෑ
02:44
Video thumbnail
ග්‍රෙගරි වැවට ගුවන් යානයක් කඩා වැ#යි..බේරගන්න..බේරගන්න..නියමුවන් දෙදෙනා සැනින් රෝහලට
03:45
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය - කෙඳිරි ගාන්න එපා
08:59
Video thumbnail
වැලිගම සභාවේ ලේකම්වරියට ත#ජනය කිරීම නිසා නිලධාරින් දැඩි විරෝධයක්..ජනතාව කුපිත වෙයි
04:44
Video thumbnail
මෝටර් රථයක ගැටී වි#සිවෙලා ගිය යතුරුපැදිය
00:55
Video thumbnail
ආණ්ඩුව වගේ කැත දේශපාලනයක් අපි කරන්නේ නෑ
06:57
Video thumbnail
හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
02:21
Video thumbnail
අර්චුනා උදෙන්ම ගේම ඉල්ලයි
03:25


?